News Events Media Projects Publications Team

TRANSLATE ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර කටයුතු ගාල්ලෙන් ඇරඹෙයි

02/07/2025 00:00:00

Mental Health

Translate

TRANSLATE ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර කටයුතු ගාල්ලෙන් ඇරඹෙයි

භින්නෝන්මාදය වැනි මනෝ ව්‍යාධියෙන් පෙළෙන පුද්ගලයින් හදුනා ගැනීම එනම් රෝග විනිශ්චය ප්‍රමාද වීම සහ එම ප්‍රමාදය නිසා කල් ගත වී ලබාදෙන ප්‍රතිකාරවලට දුර්වල ප්‍රතිචාරයක් ඇතිවීම මෙන්ම ආබාධිත මට්ටම ඉහළ යාම අතර ඍජු සම්බන්ධයක් ඇත. මෙවන් ආබාධ සහිත පුද්ගලයන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ සමකලිනයට වඩා අවුරුදු 10-15කට පමණ පෙර මිය යයි.

TRANSLATE ව්‍යාපෘතිය යනු එලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ මෙවන් රෝගීන් අප්‍රමාදව හදුනාගෙන පූර්ව මැදිහත්වීම් ක්‍රියාත්මක කිරීමේ අධ්‍යයනයකි. එම අධ්‍යයනයේ ක්ෂේත්‍ර කටයුතු පබරවාරි 07 දින ගාල්ල ජාතික රෝහලේ වකුගඩු රෝග ඒකක ශ්‍රවණාගාරයේ දී පැවැත්වින.

කොලබ බත්තරමුල්ලේ පිහිටි සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, ගාල්ල ජාතික රෝහල සමග එක්ව TRANSLATE ව්‍යාපෘතියේ නිල දියත් කිරීම සංවිධානය කෙරින. ගාල්ල ජාතික රෝහලේ මනෝ වෛද්‍ය චිකිත්සක විසේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා මෙම ව්‍යාපෘතියේ දකුණු පළාතේ නායකයා ලෙස කටයුතු කරයි.

මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස පකිස්ථානයේ කයිබර් වෛද්ය විශ්වවිද්යාලය විසින් පළාත් හතරක ද මෙය සිදුකෙරෙන අතර එංගලන්තයේ කිල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සියිඩ් පාරුක් මෙම ව්‍යාපෘතියේ නායකයා ලෙස කටයුතු කරයි. සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක, කිල් විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය චිකිත්සාව පිලිබද සම්මානිත මහාචාර්ය අතුල සුමතිපාල ව්‍යාපෘතියේ මුලිකයකු ලෙස කටයුතු කරයි.

මහාචාර්ය අතුල සුමතිපාල හා විසේෂඥ වෛද්‍ය රූමි රූබන් ව්‍යාපෘතිය පිළිබද පැහැදිලි කරන ලද අතර මහාචාර්ය සියිඩ් පාරුක් zoom තාක්ෂනය ඔස්සේ සභාව ඇමතිය.

ගාලු දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ, ශික්ෂණ රෝහල, විසේෂඥ වෛද්‍ය කරාපිටිය නිශානි උබේසේකර හා නියෝජ්‍ය අධ්‍යක්ෂක වරුන් වන වෛද්‍ය දිනුක චන්ද්‍රසේන සහ ලක්මාලි විජයරත්න, වෛද්ය පිටයේ මානසික සෞක්‍ය පිළිබද මහාචාරිනි හර්ෂනී රාජපක්ස, අංශ ප්‍රධානි ජෙෂ්ට කථිකාචාර්ය විසේෂඥ වෛද්‍ය ගයනි පුංචිහේවා, ජෙෂ්ට කථිකාචාර්ය විසේෂඥ වෛද්‍ය අජිත් ජයසේකෙර, සායනික මනෝවිද්යාව පිළිබඳ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය එස්.ඒ.සී.සේනාධීර ඇතුළු පරිපාලකයන්, වුර්තිකයන්, පර්යේෂකයන් ගේ මූලිකත්වයෙන් ගාල්ලේ දී ආරම්භ කෙරිනි.

මෙම රැස්වීමේ සුවිශේෂත්වය වුයේ සේවා ලාභීන් ද සහභාගී වීමයි. ඔව්හු ලබා ගෙන ඇති ජිවන අත්දැකීම් තුල පර්යේෂණ හා සේවා සැපයුම් ස්ථාපිත කිරීමේදී ඔවුන් හට කල හැකි කාර්යභාරය සලකා ඔවුන්ද මෙමෙ ව්‍යාපෘතියේ සක්‍රිය කොටස් කරුවන් බවට පත කර ගැනීමේ වැදගත්කම මහාචාර්ය අතුල සුමතිපාල පැහැදිලි කරන ලදී

An unhandled error has occurred. Reload 🗙

Rejoining the server...

Rejoin failed... trying again in seconds.

Failed to rejoin.
Please retry or reload the page.

The session has been paused by the server.

Failed to resume the session.
Please retry or reload the page.