News Events Media Projects Publications Team

පර්යේෂණ ප්‍රතිලාභ” ජනතාව වෙනුවෙන්සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක්

03/24/2025 00:00:00

පර්යේෂණ ප්‍රතිලාභ” ජනතාව වෙනුවෙන්සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක්

සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 17 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහිදී පර්යේෂණ සහ සංවර්ධන ආයතනය මගින් මේ වන විට ශ්‍රී්‍ ලංකාව තුලු සිදු කෙරෙන ව්‍යාපෘති සහ පර්යේෂණ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කළ අතර ඉදිරියේදී ඒම ව්‍යාපෘතිවලට සහාය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ මැදිහත් වීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශ සමග ඒක්ව නව ව්‍යාපෘති කිහිපයක් ක්‍රි්‍රියාත්ම කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන්, අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු , වෛද්‍ය සමිද්ධි සමරකෝන්, අධ්‍යක්ෂ පර්යේෂණ වෛද්‍ය දේවනී රණවීර යන මහත්ම මහත්මීන් සහ සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය වෙනුවෙන්, මහාචාර්ය අතුල සුමතිපා වෛද්‍ය බුද්ධිකා ප්‍රනාන්දු සහ ඔෂිණි ශ්‍රී ජයසිංහ යන මහත්ම මහත්මීන් සහභාගි විය

IRD Media Unit

An unhandled error has occurred. Reload 🗙

Rejoining the server...

Rejoin failed... trying again in seconds.

Failed to rejoin.
Please retry or reload the page.

The session has been paused by the server.

Failed to resume the session.
Please retry or reload the page.