News Events Media Projects Publications Team

‘පූර්ව හා පසු ප්‍රසව විශාදය’ පිළිබඳ ව නිර්මාණය කෙරෙන ටෙලිනාට්‍ය තිරපිටපත පිළිබඳ සාකච්ඡාවක්

01/06/2025 00:00:00

Mental Health

‘පූර්ව හා පසු ප්‍රසව විශාදය’ පිළිබඳ ව නිර්මාණය කෙරෙන ටෙලිනාට්‍ය තිරපිටපත පිළිබඳ සාකච්ඡාවක්

‘පූර්ව හා පසු ප්‍රසව විශාදය’ පිළිබඳ ව නිර්මාණය කෙරෙන ටෙලිනාට්‍ය තිරපිටපත පිළිබඳ සාකච්ඡාවක්

‘පූර්ව හා පසු ප්‍රසව විශාදය’ (perinatal depression) සම්බන්ධ ව අපේ රටේ මහජනතාව දැනුම්වත් කිරීම අරමුණු කරගෙන නිර්මාණය කරනු ලබන ටෙලිනාට්‍යයක් (docu drama) නිෂ්පාදනය කිරීම උදෙසා සාකච්ඡාවක් 2025 ජනවාරි 01 දින ‘සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ’ දී පැවැත්විනි.

පූර්ව හා පසු ප්‍රසව විශාදය යනු අපේ රටේ කාන්තාවන් බහුල ව මුහුණ දෙන මානසික රෝග තත්ත්වයකි. අවාසනාවකට ස්වාමි පුරුෂයන්, දෙමාපියන් ඇතුළු ඇයගේ සමීපතමයන් මෙන් ම පොදු මහජනතාවට මෙවැනි රෝග තත්ව සම්බන්ධයෙන් පවතින අල්ප දැනුම නිසා අදාළ කාන්තාවන් බලවත් අපහසුතාවට මුහුණු දෙන සිදුවීම් අප සමාජයේ බහුල වශයෙන් සිදු වේ.

ලාංකේය සමාජයේ මවුවරුන් මුහුණ දෙන මෙම සෞඛ්‍යමය ගැටලුවට පිළියමක් උදෙසා මහජනතාවගේ මේ සම්බන්ධයෙන් පවතින දැනුම සහ ආකල්ප වර්ධනය කිරීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන ENHANCE ව්‍යාපෘතිය මගින් මෙම ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරනු ලබයි.

මෙම ENHANCE අධ්‍ය්‍යන ව්‍යපෘති් තවත් එක් සුවිශේෂ අරමුණක් වනුයේ යම් සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධ ව පර්යේෂණ කිරීමේ දී අදාළ පර්යේෂකයන් පමණක් නො ව, සෞඛ්‍ය ගැටලුවට ඝෘජු ව මුහුණ පාන රෝගීන් ද ඔවුන් නිවසේ රැක බලා ගන්නන් ද සෞඛ්‍ය අංශවල කනිශ්ට කාර්ය මණ්ඩල සාමාජිකයන් ද මෙම අධ්‍යයනයේ කොටස්කරුවන් වීම ය. එය පසක් කරමින් මෙම ටෙලිනාට්‍ය සැකසීම සඳහා වූ තිරපිටපත සාකච්ඡා කිරීමට ද එකී විවිධ අංශ නියෝජනය කරමින් පුද්ගලයන් සහභාගි විය.

IRD මාධ්‍ය ඒකකය

An unhandled error has occurred. Reload 🗙

Rejoining the server...

Rejoin failed... trying again in seconds.

Failed to rejoin.
Please retry or reload the page.

The session has been paused by the server.

Failed to resume the session.
Please retry or reload the page.